Wednesday, January 4, 2012

ඌයි..!!

Blog එක හදාගත්තට මොකද Post එකක් ලියන්න වෙලා ගත්තා වැඩිද මන්දා. 

මතක මල්ල අවුස්සලා හොයාගන්න පුළුවන් වුණා ලස්සනම අත්දැකීමක්. ඉස්කෝලෙ කාලෙ සිද්ධ වුණු සිද්ධියක් මේක.
අපේ පන්තියෙ වුණු සිද්ධියක් තමා කියන්න යන්නෙ ඔන්න.

කෙල්ලොයි කොල්ලොයි සමානව හිටිය හින්දා වෙන්න ඇති අපේ පන්තියට 9 වසර බාර ගුරැවරැ හැම තිස්සෙම වගේ ඇහැ ගහන් හිටියෙ. දන්නවනෙ ඉතින් 9 වසර කියන්නේ  ඔය අනම් මනම් සෙට් වෙන කාලයක්නෙ. කොල්ලන්ට එහා කෙල්ලෝ.

උදේ 4.20 බස් එකේ නැඟලා ඉස්කෝලෙට එන මං බස් එකෙන් බැස්ස තැන ඉඳලා එක පිම්මේ දුවන්නේ කැඩෙට් රෑම් එකට. හරියටම බුදුන් වඳින බෙල් එක ගහනකං අපිව මරං කන සීනියර්ලා බෙල් එකේ සද්දෙන් අපිට පන්ති වලට යන්න අවසරේ දෙනවා. අපේ වැඩත් හිමින්නේ.ඉතින් පන්තියට එන්නේ පළවෙනි පීරියඩ් එකේ මැද හරියෙදි වගේ.

"අනේ, උඹලව නං හදන්න බෑ බං" කියලා හැමදාම අත් දෙකම රත් කරලා තමා ලකා (ලක්මාල් සර්) අපිව පන්තියට ගන්නේ.


අකිලයයි,චම්මයි,මායි ඒ පාරවල් වලට ඌයි කියන්නැති වුනාට අපේ මැටි මෝලා,දිලීපයට කට වහන් ඉන්නම බෑනෙ.ඌ හයියෙන් ඌයි කියන්නේ බොරැවට කියලා ඌම දවසක් මට කිව්වා.


මේකා ගොබ්බයා වගේ හිටියට මොකද මනමාලයා. මූ අපේ පන්තියෙම හිටපු කෙල්ලෙක්ගෙන් අහලනෙ. ඒකිට පේන්න තමයි මූ ඌයි කියන්නේ.


ඉන්ටවල් එකේදි කෙල්ල (නම කියන්න හොඳ නෑනෙ නේද) අත ඉබිනවලු.ඒකලු මේ බුරැවා අර ලකා ඉස්සරහා පච වෙන්නේ.

ඕක කිව්වේ මට විතරක් හින්දා ඌ බේරැණා. චම්මට එහෙම කිව්වනං කන්න වෙන්නෙ සාජන්ගෙන් කියලා කිව්වහම මූ මට කියපි
          " උඹ කියන්නෑ කියලා දන්න නිසානෙ බොල කිව්වේ"
ඔය වැඩේ මාසයක් දෙකක් කෙරීගෙන ගියා. කොහොමින් කොහොම හරි ඔන්න එක දවසක් දිලීපයා ඌයි කිව්වෙ නෑ. කෙල්ලත් වෙනදා වගේ ඌ දිහා අර ඉස්සර වගේ අමුතු විදිහට බැල්වෙත් නෑ කියලා මට එදා තේරැණා.

හීං සීරැවට ඇහැව්වහම තමයි කිව්වේ බූට් එක වැදිලයි කියලා. නොදකිං හැලපයා එදා ටොයිලට් එකේ පිටිපස්සෙ ඉදං අඬ අඬ මාත් එක්ක කියපු හැටි මට අද වගේ මතකයි.

පස්සෙන් පහු මූ ආයෙම ඌයි ගාන්න ගත්තානෙ. ‍බැලින්නං තව කෙල්ලෙක් සෙට් කොරගෙන.

ඔය කාලේ මං මේ වගේ නෝටි වැඩ කලාද කියලනං අහන්න එපා හොඳේ..!! 

3 comments:

  1. යාළුවා මෙහෙමනම් සංජීව මලයා ගැනත් අපිට හිතන්න වෙන්නේ මෙහෙමම තමයි.. මගේ නෝටි වැඩ බලලා එද්දි මේකෙත් තියෙන්නේ නෝටො වැඩනේ..

    ReplyDelete
  2. උඹ කාටවත් නොකිව්වට කෙලින්ම බ්ලොග් එකටම දාල තියෙන්නෙ...

    ReplyDelete
  3. @ Dinesh අයියා:නෝටි යාළුවොත් එක්ක හිටපුවහම අපිවත් නෝටි වෙනවා තමා අයියේ.ඒත් ඉතින් අපි දැනගන්න එපෑ හරියට ඉන්න.එහෙම නේද.. :)

    @ සාතන් අයියා:අනේ අයියෙ සාතන්,දැන්නේ මටත් මතක් වුනේ..අවුලක් යන එකක් නෑ මයෙ හිතේ.දිලීපයා පස්සෙන් පහු ඔක්කොම කිව්වා කොල්ලො ඔක්කොටම. :P

    ReplyDelete

කිසිම කහටක් එහෙම නෑ ඕං Comment කලේ නෑ කියලා.වෙලාව තියනවනම් මෙතන හිතෙන දෙයක් ලියන්නකො..