Showing posts with label Blog. Show all posts
Showing posts with label Blog. Show all posts

Monday, January 2, 2012

Blog අවකාශය තරණය කරමි.

ඔන්න 2012 අවුරැද්දෙ මුලින්ම පටන් ගත්ත වැඩේ මේක.ඉස්සර ඉඳන්ම Blog එකක් ලියන්න ඕනැයි කියලා අදහසක් තිබුණට මොකද මේ A/L වැඩ කටයුතුත් එක්ක ඒක අමතක වෙලා ගියා.ඕන්න දැන්නම් හිතේ හැටියට මට ඉන්න පුළුවන්,මොකද A/L ඉවරයිනෙ.

ආදරෙ‍න් පැරදුනාට පස්සේ ගලක් වෙලා තිබුණු හිත ආයෙම බටර් කෑල්ලක් වෙයි කියලා බයයි මේ Blog ලිවිල්ලෙන්.හිත ගලක් වුනාම හොඳයි,මොකද එතකොට මට පරණ දේවල් මතක් වෙනවා අඩුයි.අනික ඉස්සර වගේ වැඩියෙ දුක හිතෙන්නෙත් නෑ.

ඒත් ඉතින් එහෙමම ඉන්න බෑ.ජීවිතේ විඳින්න ඕනෙ.නැත්තම් වැඩක් නෑ.

කොහොම වුනත් ඔන්න මම මේ වැඩේ දිගටම කරනවා.මම දැකපු,විඳපු,අහපු දේවල් විතරක්ම නෙමෙයි දකින්න,විඳින්න,අහන්න ඉන්න දේවල් ගැනත් මේ Blog එකේ ලියන්න බලාපොරොත්තු වෙනවා.‍

Blog එක තව හදන්න ඕනෙ.උදව්වක් ගන්න කෙනෙක් නැති එක තමයි දැන් තියෙන එකම ප්‍රශ්ණෙ.
බලමුකො ඉතින්...

මේ පළවෙනි Post එක හින්දා ලියන්න එහෙමමත් දෙයක් නෑ.ඒත් ඉතින් මේ Video එක බලන්නකො.
මට හම්බවුණේ සයුරි අක්කගෙ Blog එකෙන් ( ~~~~පහන්යාය~~~~ )

අධ්‍යාපනේට ගිය කලක්!